
ඇහැටුවැව පාඨශාලාවේ ක්‍රි.ව.1876 නොවැම්බර් 16 වන දින ඇහැටුවැව කණිටු විදුහල නමින් ආරම්භ විය.එහි මුල් ගුරුතුමා ලෙස කල්ලන්ජිය ගුරුතුමා කටයුතු කරන ලදී.ඉන් පසුව විදුහල්පතිවරුන් ලෙස කොස්වත්තේ මහතා,ඇල්ලේපොල ගුරුතුමා ද, ඉන් පසුව පුජාපිටිය මුල් ගුරුතුමා ද , හතරලියද්ද මුල් ගුරුතුමා ද, ඉන්පසු මුල් ගුරුතුමියක් ලෙස තඹුත්තහේවා මිය කටයුතු කරන ලදී.ඇහැටුවැව කණිටු විදුහලේ එකල සිසුන් 30ක් පමණ අධ්‍යාපනය හදාරා ඇති බවත් පොල් අතු ගොඩනැගිල්ල ඒ සදහා තිබු බවත් සදහන් කල හැකිය.ඉන් පසුව යු.බි.සෙනෙවිරත්න මුල් ගුරුතුමා ද සේවය කල අතර පසුව කටයුතු කල විදුහල්පතිවරුන් ලෙස පලිපාන ගුරුතුමා ද.ටි.බි.වන්නිනායක ගුරුතුමා ද,එස්.එම.ආරියදාස ගුරුතුමා ද ,ඩග්ලස් බෝගහලන් ද ගුරුතුමා ද සේවය කරන ලදී.මේ අනුව සිසුන් සංඛ්‍යාවේ වැඩි වීමක් දක්නට ලැබුණි.ඉන් පසු 1942.02.15 වන දින අභිනවයෙන් ඉංග්‍රීසි පාඨමාලාව විවෘත කිරීම සි.ඩබ්ලිව්.ඩබ්ලිව්.කන්නන්ගර මැතිතුමා අතින් සිදු විය.ඉන්පසු 1951-07-10 වන දින ඇහැටුවැව පාඨශාලාවේ ජේෂ්ඨ පන්තිය පැවැත්වීමට අවසර ගන්නා ලදී.ශිෂ්‍යයන් සංඛ්‍යාව 40කි.පසුව 1958-09-02 දින ටි.බි.වන්නිනායක මුල් ගුරුතුමා මෙම විදුහලට පත්වෙන ලදී.පසුව මුල් ගුරු තුමන්ලා ලෙස වැඩබලන විදුහල්පති වශයෙන් ආර්.එම.මුදියන්සේ ගුරුතුමා කටයුතු කරන ලදී.එතුමාගෙන් පසුව 1961 මෙම විදුහලට පත්ව ආ එල්.බි.දිසානායක ගුරුතුමා ද සේවය කර අතර 1967-04-29 වන දින මෙම විදුහලේ විද්‍යාගාරයට මුල්ගල තැබීම යු.බි.වන්නිනායක මුදල් ඇමතිතුමා අතින් සිදු කරන ලදී.පසුව ජේ.ඒ.ජේ.ප්‍රනාන්දු ගුරුතුමා ද ,මුල් ගුරු තුමියක් ලෙස ධර්මසිරි ගිණිගේ මහත්මිය ද සේවය කරන ලදී.මෙයින් පසුව ද මෙම විදුහලේ කටයුතු කල මුල් ගුරුතුමන්ලා ලෙස පි.එම.කේ.බි.තෙන්නකෝන් ගුරුතුමා ද ඩබ්ලිව්.එම.ඒ.වර්ණසුරිය ගුරුතුමා ද ,පි.ජේ.සිල්වා ගුරුතුමා ද ,යු.බි.හේරත් ගුරුතුමා ද දී.එම.පියසේන අලුත්වැව ගුරුතුමා ද එම.එම.ටිකිරිබණ්ඩා ගුරුතුමා ද පසුව ඩබ්.ඩි.එම.විජේරත්න ගුරුතුමා ද,එච්.එම.විමලසිරි ගුරුතුමා ද,යු.ඩි.බි.දිසානායක ගුරුතුමා ද සේවය කරන ලදී.පසුව විදුහල්පති පුරප්පාඩු ඇති වූ බැවින් වැඩ බැලු විදුහල්පතිනියක් ලෙස ආර්.ඩි.ඒ.දිසානායක ගුරුතුමිය සේවය කරන ලදී.ඉන් පසුව 1993 මෙම විදුහලට පත්ව ආ ආර්.එම්.රාජපක්ෂ මහතා විදුහල්පති ලෙස කටයුතු කරන ලදී.එයින් පසු 1995 ඩි.එම්.ටි.බි.දිසානායක මහතා මෙම විදුහලේ සේවය කල අතර 1997-07-22 දින සිට විදුහල්පති ලෙස කේ.ඒ.විමලකීර්ති මහතා මෙම විදුහලේ විදුහල්පති ලෙස සේවය කරන ලදී.1996-12-09 දින මෙම විදුහල ඇහැටුවැව බණ්ඩාරනායක මහා විද්‍යාලය නමින් නම් කරන ලදී.පසුව 2001-11-28 වන දින මෙම පාසලේ නිල ඇදුම් බෙදාදීමේ මහා උත්සවය පවත්වන ලදී.2002 වර්ෂයේ නොමිලේ පොත් බෙදාදීමේ ජාතික උත්සවය ද මෙයට සම්බන්ධව පවත්වන ලදී. මෙම කාලය වන විට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක තෝරාගත් පාසලක් සංවර්ධනය කිරීමේ අතිගරු ජනාධිපතිතුමියගේ සංකල්පය මත තෝරාගත් පාසල් අතර ඇහැටුවැව බණ්ඩාරනායක මහා විද්‍යාලය තෝරාගත් පාසලක් විය.තව ද 2001-11-28 දින එම තොර ගත පාසල් “නවෝද්‍යා “ පාසල් වශයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රකාශ කිරීම ජනාධිපතිතුමියගේ විශේෂ නිවේදනයක් පරිදි සිදු විය.එවකට මුදල් අමාත්‍ය ගරු සරත් අමුණුගම මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ද එවකට අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්තුමිය වශයෙන් වෛද්‍ය ටාරා ද මෙල් මැතිතුමිය ද මෙම උත්සවයට පැමිණෙන ලදී.එදින මෙම පාසලේ දීම මෙම පාසල ඇහැටුවැව “බණ්ඩාරනායක නවෝද්‍යා පාසල” ලෙස ප්‍රකාශ කල අතර ශ්‍රී ලංකාවේ ප්‍රථම “නවෝද්‍යා” පාසල අප පාසල නම් කල බව ඉතා අභිමානයෙන් සදහන් කරන ලදී . කේ.ඒ.විමලකීර්ති විදුහල්පතිතුමාට පසුව මෙම විදුහලට විදුහල්පති ලෙස පත්ව ආයේ (2008) බි.ඒ.තිලකරත්න මහතාය.ඉන් අනතුරුව 2011 වර්ෂයේ ඩබ්ලිවි.එම.සෙනෙවිරත්න මහතා විදුහල්පති ලෙසට කටයුතු කර ඇත.එතුමාට පසුව 2012 එච්.ප්‍රසාද් මහතා විදුහල්පති වශයෙන් කටයුතු කරන ලදී.මෙම කාලයේ මහින්දෝදය විද්‍යාගාරය ඉදිවීම සිදු විය.ඉන් අනතුරුව විදුහල්පති ලෙස පත්ව ආයේ (2015) ආර්.එම.නන්දාවතී මහත්මියයි.දැනට වර්තමාන විදුහල්පතිතුමියයි.මෙම කාලයේ පරිපාලන ඒකකය සහ සෞන්දර්ය ඒකකය ඉදි වීමත් මෙම අවස්ථාවට එවක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සම්ප්රාප්තියත් සිදු විය.මෙම කාලයේදීම 13 වසරක අධ්‍යාපන ඒකකය ඉදිවීමත් “සැමට අධ්‍යාපනය” ව්‍යාපෘතිය ආරම්භ වීමත් සිදු විය.මෙම වකවානුවේ පාසලේ ප්‍රධාන ගැටලුවක් වූ උග්‍ර ජාල හිගයට පිලියමක් ලෙස නළ ළිදක් ඉදිකර දීමට මහා කත්නොරුවේ පුරාණ රජමහා විහාරාධිපති ස්වාමින් වහන්සේ කටයුතු කිරීම අගය කල හැකිය.2021 වර්ෂයේ දී අධ්‍යාපන අමාත්‍යාංශය මගින් මෙම පාසල ජාතික පාසලක් ලෙසට ප්‍රකාශයට පත්විය.වැඩි ශිෂ්‍ය සංඛ්‍යාවක් සිටින පාසලක් ලෙසම ප්‍රදේශයේ දරුවන්ට මහගු අවස්ථාවක් ලෙසට අගය කල හැකිවීම සතුටට කරුණකි.මේ ආකාරයෙන් අතීතයේ පටන් විවිධ අවස්ථාවන්ට මුහුණ දෙමින් ජය මාවත කරා පිය නගන පාසල් මාතාවක් ලෙසට අභිමානයෙන් ප්රකාිශ කල හැකි විදුහලකි.








